මී උණ ⁣හේතුවන් මිය යන ගණන ඉහලට

මී උණ වැළඳීමෙන් යාපනයේ මියගොස් ඇති රෝගීන් සංඛ්‍යාව 8 දක්වා ඉහළ ගොස් තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ, මේ වන විට 39 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි.

ඉන් රෝගීන් 28 දෙනෙකු ප්‍රතිකාර ලබන්නේ, පේදුරුතුඩුව රෝහලේයි.

සෙසු රෝගීන් 11 දෙනා යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ, පේදුරුතුඩුව, චාවකච්චේරී සහ කරවෙඩ්ඩි යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලින් මී උණ රෝගීන් වාර්තා වන බවයි.

වසරේ ගතවූ කාලය තුළ මෙරටින් මී උණ රෝගීන් දොළොස් දහසකට ආසන්න සංඛ්‍යාවක් වාර්තාවී තිබේ.

දෙසැම්බර් මාසයේ මුල් දින 15 තුළ පමණක් මී උණ රෝගීන් 85 දෙනෙකු වාර්තා විය.

සමස්ත මරණ සංඛ්‍යාව, 200 ක් පමණ වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form