මේ අයවැයෙන් බදු අඩු කරන්න කිසිම හැකියාවක් නෑ..- චතුරංග

බදු අඩු කිරීමේ කිසිදු හැකියාවන් මෙම වසරේදී නැතැයි නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ නියෝජ්‍ය මහතා පවසයි.

ජත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකගතා අනුව දළ දේශීය නිෂ්පාදිතයෙන් 15.1%ක බදු ප්‍රතිශතයක් එකතු කර ගත යුතුව ඇති බවයි.

“මේ අවුරුද්ද ඇතුළත බදු අඩුකිරීමක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. අපි IMF එකට අනුව සියයට 15.1ක දළ දේශීය නිෂ්පාදිතයෙන් යම් බදු ප්‍රමාණයක් එකතු කරගත යුතුයි. නමුත් මෙම ක්‍රියාවලියෙන් අපි එළියට එද්දි ආදායම් එකතු කරගැනීමේ කාර්යක්ෂමතාවය වැඩිවෙද්දි ඒ සහන නැවත එම කාර්මාන්තවල නිෂ්පාදනවලට දෙන්න හැකියාවක් තියෙනවා. එතැනින් එහාට ගියාම විශේෂයෙන් බැංකු කේෂ්ත්‍රයේ සහ කර්මාන්තවල තාක්ෂණික ආයෝජනවලට බදු සහන ලබාදීමට නව රජය බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ සියල්ල 17 අයවැයෙන් අපිට බලන්න පුළුවන්”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form