මොන්ටිනිග්‍රෝහී හෝටලයක සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 10ක් මරුට

මොන්ටිනිග්‍රෝහී හෝටලයක සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබේ.

එලෙස වෙඩි තැබීම සිදු කර ඇත්තේ, 45 හැවිරිදි පුද්ගලයෙකි.

අදාළ සැකකරු හෝටලයක් තුළට පැමිණ වෙඩි තබා පළාගොස් තවත් ස්ථාන තුනකදී වෙඩි තැබීම් සිදු කොට තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පොලීසිය විසින් සැකකරු සෙවීම සඳහා තාප දර්ශනය සහිත ඩ්‍රෝන යානයක් යොදවා මෙහෙයුම් දියත් කළ බවයි.

ඒ අනුව කඳුකර ප්‍රදේශයක සිටියදී අදාළ සැකකරු සොයාගෙන ඇති අතර එම අවස්ථාවේදී ඔහු සියදිවි නසා ගැනීමට තැත් කර තිබේ.

අධික ලෙස තුවාල ලබා සිටි ඔහු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මිය ගිය බව සඳහන්ය.

අදාළ සැකකරු අධික ලෙස මත්පැන් පානය කර තිබූ බවට ද අනාවරණය වී තිබේ.

මීට පෙර ඔහු නීතිවිරෝධී ආයුධ ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ද එල්ල වී තිබූ අයෙකි.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී ඇත.

එරට ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ,අ මෙය එරට සිදු වූ දරුණුතම සමූල ඝාතනයක් බවයි.

කෙසේ වෙතත් අදාළ සිදුවීම හේතුවෙන් එරට දින තුනක ජාතික ශෝක කාලයක් ද ප්‍රකාශයට පත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form