යතුරු පැදි කල්ලියක් පැමිණ මහ පාරේ වෙඩි තියා මරයි..

අද දින (04) අළුයම් කාලයේ වැලිගම පොලිස් වසමේ කප්පරතොට වල්ලිවෙල මාර්‌ගයේ පා ගමන් ගමන් කරමින් සිටි පුද්ගලයින් පස් දෙනෙකුට යතුරු පැදි 03 කින් පැමිණි නාඳුනන පිරිසක් විසින් වෙඩි තබා පලාගොස් ඇත.

වෙඩි වැදීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා වලාන රොහලට ඇතුළත් කිරීමේදී එක් පුද්ගලයෙකු මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර රෝහල වෙත මාරුකර යවා ඇත.

මරණකරු වයස අවුරුදු 26 ක් සහ තුවාලකරු වයස අවුරුදු 29 ක් වන කප්පරතොට ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

සෙසු පුද්ගලයින් තිදෙනා තුවාල ලබා නොමැති අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැලිගම පොලීසිය වැඩිදුර විර්මශන සිදුකරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form