යාපනය රෝහල ජලගැලීමෙන් යටවේ..

යාපනය දිස්ත්‍රීක්කයට අද (28) දින ඇදහැලුනු ධරාණිපත වර්ෂාව හේතුවෙන් අද සවස් වන විට යාපනය ශික්ෂණ රෝහලටද දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ ටී.සත්‍යමූර්ති මහතා පවසා සිටියේය.

යාපනය ශික්ෂණ රෝහලේ නේවාසික වාට්ටු කිහිපයක්ම ගංවතුර තර්ජනයකට ලක්ව තිබෙන අතර වාට්ටුතුලට ජලය ගලාඒම හේතුවෙන් කාර්ය මණ්ඩලයන් මෙන්ම රෝගීන්ද දැඩි පීඩාවන්ට පත්ව සිටිති.

නේවාසිකාගාර කිහිපයක්ද ජලයෙන් යටවීම හේතුවෙන් කාර්ය මණ්ඩලයේ සේවකයින්ගේ රාජකාරි කටයුතුවලටද දැඩි බාධාවක් වී ඇති අතරම ශල්‍යකර්ම ආදි ප්‍රතිකාර කටයුතු සඳහාද වර්ෂාව මේනම ඇතිව තිබෙන ගංවතුර තත්වය දැඩි බලපෑමක් එල්ල කොට ඇතැයිද යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වරයා වැඩි දුරටත් පැවසීය.

අද දින යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධාරාණිපාත වර්ෂාවන් හේතුවෙන් යාපනය නල්ලූර් කෝවිල් භූමිය ඇතුලු ප්‍රදේශයද ජලයෙන් සම්පූරණයෙන්ම යටවී තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form