යාපනය සරසවියේ සිසුන් දෙපිරිසක් ගැටුමක

යාපනය, විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර ඇතිවු ගැටුමකින් විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව යාපනය විශ්වවිද්‍යාල ආරංචි මාර්ග පවසයි.

විශ්වවිද්‍යාලයේ නවක සිසුන් පිළිගැනීමේ වැඩසටහනකින් අනතුරුව මෙම සිසුන් අතර ගැටුමක් හටගෙන ඇති බවය.

විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ තෙවැනි වසරේ හා සිව්වන වසරේ ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර ඊයේ (09) සවස ගැටුම හටගෙන තිබුණි.

ගැටුමෙන් සිසුන් දෙදෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර වෙනුවෙන් යාපනය රෝහලට ඇතුළත් කොට බව විශ්වවිද්‍යාල ආරංචි මාර්ග පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form