යුක්‍රේනයට එරෙහි යුද්ධය අවසන් කරන හැටි පුටීන් ඉන්දියාවේ දී කියයි

යුක්‍රේනයට අයත් ඩොන්බාස් බලහත්කාරයෙන් හෝ ලබාගන්නා බවත්, ඒ හේතුවෙන් යුක්‍රේනය හමුදා නැගෙනහිර ඩොන්බාස් කලාපයෙන් ඉවත්විය යුතු බවත් රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් යළිත් වරක් යුක්‍රේනයට අනතුරු අඟවා තිබේ.

මේ දිනවල ඉන්දියාවේ සංචාරයක නිතරව සිටින ජනපති පුටීන් එරට පැවති ප්‍රවෘත්ති සාකච්ඡාකට එක්වෙමින් මේ බව පැවසීය.

එහිදී ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, යුක්‍රේනයට එරෙහි යුද්ධය අවසන් කිරීමට අදාළ තමන්ට අවාසි සියලු සම්මුතීන් ප්‍රතික්ෂේප කරන බවය.

“අපි ඩොන්බාස් බලහත්කාරයෙන් ලබාගන්නවා. එසේ නොවීමට යුක්‍රේන හමුදා එම ප්‍රදේශවලින් ඉවත්විය යුතුයි” හෙතෙම පවසයි.

මේ වනවිට ඩොන්බාස්වලින් 85%ක් පමණ රුසියාව විසින් පාලනය කරන අතර, එහි නැගෙනහිර ප්‍රදේශයේ පමණක් යුක්‍රේනය හමුදා රැඳී සිටියි.

කෙසේ නමුත් යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සිය භූමිය අත්හැරීම ප්‍රතික්ෂේප කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form