යුක්‍රේන ජනපති තනතුරු අතහැරීමට සැරසෙයි

යුක්‍රේනයට නේටෝ සාමාජිකත්වය ලබා දෙන්නේ නම් තමන් ජනාධිපති ධුරය අත්හැරීමට සූදානම් බව එරට ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර සිටියි.

විදෙස් මාධ්‍ය විසින් ජනාධිපති සෙලෙන්ස්කිගෙන් කළ විමසීමකදී ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය දිනකදී යුක්‍රේන ජනාධිපතිවරයා ‘ඒකාධිපති පාලකයෙකු ‘ලෙසින් හැඳින්වූ අතර, එතැන් පසු නායකයන් දෙදෙනා අතර තරමක විරසකයක් නිර්මාණය වූ බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

ඒ අනුව ජනධිපති ට්‍රම්ප් තමන් ඒකාධිපතියෙකු යැයි හඟවමින් සිදුකළ ප්‍රකාශයටද සෙලෙන්ස්කි මෙම මාධ්‍ය හමුවේදී ප්‍රතිචාර දක්වා තිබේ.

යුක්‍රේනයට සාමය ගෙන එන්නේ නම් තම ධුරයෙන් ඉවත් වන බවත් දශකයක් ජනාධිපති වීම තමන්ගේ සිහිනය නොවන බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form