රජයටදෙන වී කිලෝ 1ට වැඩිපුර රුපියල් 2ක්

රජයේ ගබඩා සඳහා වී තොග ගෙනවිත් භාරදෙන ගොවීන්ට සහතික මිලට අමතරව වී කිලෝවක් සඳහා රුපියල් 2ක මුදලක් ලබාදෙන බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

ඔහු ගොවීන්ගෙන් තවදුරටත් ඉල්ලා සිටියේ යම් වී ප්‍රමාණයක් රජයේ ගබඩා සඳහා ද ගෙනවිත් භාරදෙන ලෙසය.

ඇඹිලිපිටිය වී ගබඩා සංකීරණයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ තවත් සති දෙකක් ඇතුලත සහල් ගැටලුව සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට බලාපොරොත්තු වන බවය.

මේ වන විටත් ඇතැම් දිස්ත්‍රික්කවල වී මිලදී ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බවද සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා වී සඳහා සහතික මිලක් නියම කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form