රජයට එරෙහිව ගොවි විරෝධතා කැදවයි..- අනුරාධපුර ප‍්‍රධාන ගොවි සංවිධානය මාධ්‍ය හමුවේ..

අයහපත් කාලගුණය හේතුවෙන් පූර්ණ හානි වූ වගා බිම් අක්කරයකට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් අවශ්‍ය බව අනුරාධපුර දිස්ත්‍රික් මහා වාරිමාර්ග ඒකාබද්ධ ගොවි සංවිධානය සඳහන් කරයි.

එහි සභාපති පුංචිරාළ රත්නායක මහතා පෙන්වා දෙන්නේ අක්කරයක් වගා කිරීම සඳහා ඊට වඩා මුදල් ප්‍රමාණයක් වැය වී ඇති බවයි.

නව රජය කළ යුතුව ඇත්තේ පරණ චක්‍රලේඛ අහෝසිකර ගොවියාට රුපියල් ලක්ෂයක් ලබා දෙන වැඩපිළිවෙළ සකස් කිරීම බවයි.

නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරැනාරත්න මහතා අරගල කළේද වගාහානි වන්දි වැඩිකර ගැනීමට පවසන ඔහු දැන් නාමල් කරුණාරත්න මහතාට ලක්ෂයක් ලබාදීමට කටයුතු කළ හැකි බවද කියා සිටියේය.

එහෙම නොවන්නේ නම් මෙම රජයටද එරෙහිව තීන්දු ගැනීමට සිදුවනු ඇති බවත් ඒ මහතා අනුරාධපුරේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form