රජයේ ගබඩා ඇරගෙන සිටියත් ගොවීන් වී නොදෙති..

නැගෙනහිර පළාතේ මේ වන විට බොහෝ ප්‍රදේශවල වී අස්වනු නෙළමින් පවතින බැවින් එම ප්‍රදේශ ආවරණය වන පරිදි පසුගිය සතියේ සිට රජයේ වී ගබඩා විවෘත කර තිබුණ ද මේ වන තෙක් කිසිදු ගොවියකු ඒවාට වී ලබා දී නොමැත.

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට අයත් ත්‍රිකුණාමලය, තඹලගමුව, කන්තලේ යන ගබඩා විවෘත කර ඇතැයි ද මඩකලපුව දිස්ත්‍රික්කයේ වාලච්චේන ගබඩාව විවෘත කර ඇතැයි ද වී අලෙවි මණ්ඩලයේ ප්‍රාදේශීය කළමනාකරු (නැගෙනහිර) අජිත් ශාන්ත කුමාර මහතා පැවසීය.

අස්වනු නෙළන ආරම්භක අවධිය මේ කාලය නිසා වී ගොවීන් බොහෝ දෙනෙකු සිය අස්වනු පෞද්ගලික වෙළෙඳුන්ට ලබා දීම මෙම තත්ත්වයට හේතු වී ඇති බව ද ප්‍රාදේශීය කළමනාකාරවරයා කීවේය.

මෙවර වී මිලදී ගැනීම ප්‍රමිතියෙන් යුක්ත නාඩු වී කිලෝවක් රුපියල් 120කට ද සම්බා වී කිලෝවක් රුපියල් 125 කට ද සිදු කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව බවද හෙතෙම කීවේය.

මහා වාරි පද්ධතිවල අස්වැන්න නෙළීම ආරම්භ වීමත් සමග වී අලෙවි මණ්ඩලයට ගොවින් වී ලබාදෙනු ඇති බව තමන්ගේ විශ්වාසය යැයි ද ප්‍රාදේශීය කළමනාකාරවරයා තවදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form