රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් වර්ජනයකට සූදානම්

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයකට යාමට තීරණය කර තිබේ.

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරන්නේ, ලබන ජනවාරි 21 වනදා පෙරවරු 8.00 සිට පැය 24ක කාලයක් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා ප්‍රකාශ කළේ, මාලිගාවත්ත විශේෂිත වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර නොගැනීම පිළිබඳ විරෝධය පළ කරමින් මෙම වර්ජනය දියත් කරන බවයි.

තම වෘත්තීය සංගමය විසින් මෙම ගැටලුව සම්බන්ධයෙන් අවස්ථා දෙකකදී සෞඛ්‍ය අමාත්‍යාංශයට ලිඛිතව දැනුම්දීම් සිදු කළද, ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් වර්ජන ක්‍රියාමාර්ගයකට යාමට සිදු වූ බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම වර්ජනය හේතුවෙන් රජයේ රෝහල්වල විකිරණ පරීක්ෂණ සේවා කටයුතු සඳහා බාධා ඇති විය හැකි බවත් සංගමය අනතුරු අඟවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form