රතිඤ්ඤා කම්හලක ගින්නක්

කටුනායක පොලිස් වසමේ ආඩිඅම්බලම ප්‍රදේශයේ රතිඤ්ඤා වැඩපොළක ඇතිවූ ගින්නකින් එහි සේවකයෙකු පිළිස්සුම් තුවාල ලබා මීගමුව රෝහල්ගත කර තිබේ.

ඊයේ (11) දහවල් මෙම හදිසි ගින්න ඇතිවී තිබෙන අතර තුවාල ලබා ඇත්තේ අවුරුදු 35ක් වන මහියංගණය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පසුව කටුනායක පොලිස් ස්ථානයේ නිලධාරීන් හා ප්‍රදේශවාසීන් විසින් එක්ව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර තිබුණි.

කෙසේවෙතත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර කටුනායක පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form