රථවාහන අංශයේ නිලධාරීන්ට දෙන ත්‍යාග මුදල ඉහළට

රථවාහන අංශවල රාජකාරි කරනු ලබන නිලධාරීන් සඳහා ගෙවනු ලබන ත්‍යාග මුදල් ගෙවීම් ඉහළ ශ්‍රී ලංකා පොලීසිය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව අදාළ නිලධාරීන්ට දැනට ගෙවනු ලබන ත්‍යාග මුදල් 2025.02.01 වන දින සිට බලාත්මක වන පරිදි 25% කින් වැඩිකර ගෙවීම් කටයුතු සිදුකරන ලෙසට වැඩබලන පොලිස්පතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු උසස් නිලධාරීන් සහ ස්ථානාධිපතිවරුන් වෙත චක්‍රලේඛයක් මඟින් දැනුම් දී ඇති බව සඳහන්.

මෙහිදී ක්ෂේත්‍ර රාජකාරි වල නියැලෙන රථවාහන අංශ ස්ථානාධිපතිරුවන්, ක්ෂේත්‍ර රාජකාරි හා කාර්යාල රාජකාරියේ නියැලෙන පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන්, පොලිස් සැරයන් සහ පොලිස් කොස්තාපල්වරුන් සඳහා ද ක්ෂේත්‍ර රාජකාරියේ නියැලෙන පොලිස් කොස්තාපල් රියදුරුවරුන් සඳහාද ත්‍යාග මුදල් වැඩිකර ගෙවීම සිදුකරනු ලබනවා.

මෙලෙස ගෙවනු ලබන දීමනා ප්‍රමාදයකින් තොරව ගෙවීමට කටයුතු කරන ලෙසද වැඩබලන පොලිස්පතිවරයා දැනුම් දී ඇති අතර එම නිලධරයන් ඇගයීමට ලක් කිරීම හා අභිප්‍රේරණය කිරීම තුලින් රාජකාරි කටයුතුවල කාර්යක්ෂමතාවය සහ ගුණාත්මකභාවය තවදුරටත් ඉහළ නැංවීම මෙහි මූලික අරමුණ බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form