රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින් අතර සිදුකළ සාකච්ඡාවන්හිදී සමඟි ජන බලවේග පක්‍ෂය ඇතුළු අනෙකුත් දේශපාලන පක්‍ෂ සමඟ එක්ව කටයුතු කරන්නේ නම්, කමිටුවක් හෝ ඊට සමාන යාන්ත්‍රණයක් මඟින් කටයුතු කිරීම සුදුසු බවට එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින් යෝජනා කර ඇති බවට දේශපාලන ආරංචිමාර්ග පවසයි.

එක්සත් ජාතික පක්‍ෂය විසින් පවත්වා ඇති 79වන පක්‍ෂ සම්මේලනය සඳහා සියලු විපක්‍ෂ කණ්ඩායම් වෙත ආරාධනාකර තිබූ අතර ඒ සඳහා පක්‍ෂ නායකයින් හැර අනෙකුත් දේශපාලන නියෝජිතයින් සහභාගිවී ඇත. ඉදිරියේදී සමස්ථ දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීම සම්බන්ධයෙන් 79වන පක්‍ෂ සම්මේලනයේදී, නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බවට සජිත් රැකගැනීමේ ව්‍යාපාරයේ කැඳවුම්කරු උපුල් ඉන්දික මහතා විසින් චෝදනා කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form