රුසියාව සමග යුද්ධයට බ්‍රිතාන්‍ය හමුදා සූදානම්

බ්‍රිතාන්‍ය හමුදාවන් ඕනෑම අවස්ථාවක යුද්ධයට සූදානම් බව ද රුසියාව විසින් නැගෙනහිර යුරෝපය ආක්‍රමණය කළහොත් ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා එහි හමුදා යැවීමට කටයුතු කළ හැකි බව ද එරට නියෝජ්‍ය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරාල් රොබ් මැගාවන් පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ එරට පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආරක්ෂක කටයුතු කමිටුවේ රැස්වීමකට සහභාගී වෙමින්.

මේ අතර බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් ජෝන් හීලි යුක්‍රේන යුධ බිමෙහි පවතින අවදානම් සහගත තත්ත්වය පිළිබඳ කරුණු දැක්වූවා. ඔහු කියා සිටියේ යුධ පෙරමුණ 2022 පෙබරවාරියෙන් අනතුරුව අස්ථාවරම තත්ත්වයට පත්ව තිබෙන බවයි. මෙම අවස්ථාවේ යුක්‍රේනයට සහය දීම කළ හැකි ආකාරය සොයා බැලිය යුතු බව ඔහු කියා සිටියා.

බ්‍රිතාන්‍යය සන්නද්ධ හමුදාවල සම්පූර්ණ පිරිස් ශක්තිය මේ වනවිට 74,000 ක් පමණ වන අතර එය ඉතිහාසයේ 18 වන සියවසෙන් පසු කුඩාම පිරිස් බලය බවයි පෙන්නුම් කෙරෙන්නේ. ආරක්ෂක වියදම් අඩු කිරීමත් සමග බ්‍රිතාන්‍යයට පිරිස් බලය සේම අවි බලය පිළිබඳව ද ගැටළු මතුව තිබෙනවා. මීට මාස කිහිපයකට පෙර ලුතිනන් ජෙනරාල් මැගාවන් සඳහන් කළේ රුසියාව සමග යුද්ධයකදී බ්‍රිතාන්‍යයට මාස දෙකකට වඩා සටන් කිරීම අපහසු වනු ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form