රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් නොවීමට විරෝධය පලකරමින් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතිබව විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය අනුරුද්ධ කරුණාතිලක මහතා පැවසීය.
විශ්ව විද්‍යාලය තුල පාලන කටයුතු නිසි ලෙස සිදුකිරීමට උපකුලපතිවරයා අසමත් වී ඇතිබව එහිදී පැවසීය.
රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයාගේ ඒකාධිපති ක්‍රියා කලාපයට එරෙහිව රට පුරා විශ්ව විද්‍යාල වල විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග සිදුකිරීමට සැලසුම් කර තිබේ.
උපකුලපතිවරයා ඉවත් කිරීමට වසර 05ක සිට ක්‍රියාත්මක කර අරගලය මේ වනවිට උච්චතම අවස්ථාවට පැමිණ තිබේ.
උපකුලපතිවරයා ඉවත් වන තුරු අරගලය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව වැඩිදුරටත් පැවසීය.