රෝහල්වල ඖෂධ හිගයි.. බෝඩ් ගහලා

ගල්‍යකර්ම සඳහා රෝහල්ගත වන රෝගීන්ගේ මූලික වෛද්‍ය ප්‍රතිකාර සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය බොහෝමයක් කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් රැසක දැඩි ලෙස හිඟව පවතින බව වාර්තා වේ.

රෝහල්ගතව ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන්ට ඉලාස්ටෝ ප්ලාස්ටර්, කැනියුලා, නිර්වින්දන ජෙලි, කුඩා බ්ලේඩ් සහ සටහන් දැමීමට අවශ්‍ය පොත්වැනි මූලික අමුද්‍රව්‍ය බාහිරින් රැගෙන එන ලෙස ඇතැම් වාට්ටුවල දැන්වීම් පත්‍රිකා අලවා ඇති බව රෝගීන් පැමිණිලි කරයි.

මීට අමතරව, බෝනොවන රෝග සායන සඳහා රෝගීන්ට ලබාදෙන මෙට්ෆොමින්, ඉන්සියුලින්, කොලෙස්ටරෝල් පෙති වැනි ප්‍රධාන ඖෂධ දැඩි ලෙස හිඟවීම හේතුවෙන්, රෝගීන්ට එම ඖෂධ පිටතින් මිලදී ගැනීමට විශාල මුදල් වැය කිරීමට සිදුව ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

එපමණක් නොව, ශල්‍ය කර්මයන්ට පෙර සිදු කරන ඇතැම් රසායනාගාර පරීක්ෂණ ද කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් රැසක සිදු නොකිරීම නිසා, රෝගීන්ට රුපියල් දස දහසකට ආසන්න මුදලක් ගෙවමින් එම පරීක්ෂණ පිටතින් සිදු කර ගැනීමට සිදුව ඇතැයි ද රෝගීන් පැමිණිලි කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form