ලංවිම  ට්‍රිලියන බාගයක් ණයයි.. ගාස්තු අඩු කරන්න බෑ…

විදුලිබල මණ්ඩලය මේ වන විට රුපියල් බිලියන 109 ක ලාභයක් උපයා ඇතත් පසුගිය කාලයේ රුපියල් බිලියන 500 ක් පමණ ණය වී ඇති හෙයින් මේ අවස්ථාවේ විදුලි ගාස්තු සංශෝධනයකට යෑම අසීරු යැයි ලංකා විදුලි පොදු සේවක සංගමය පවසයි.

එහි සභාපති නීතිඥ මාලක වික්‍රමසිංහ ප්‍රකාශ කළේ බිලියන 500 ක ණය ප්‍රමාණයෙන් බිලියන 120 ක් ඛනිජ තෙල් සංස්ථාවට ගෙවීමට ඇති ණය වන අතර එය ජනතාවට පීඩාවක් නොවන පරිදි ගෙවා දැමීමට මහා භාණ්ඩාගාරය බාරගෙන ඇති බවයි.

දැනට ලබා ඇති ලාබයෙන් බිලියන 106 ක් පමණ සුනීත්‍ය බලයෙන් ලබාගත් විදුලිය, තාප බලය හා ගල් අඟු‍රු සඳහා ගෙවීමට විදුලිබල මණ්ඩලයට සිදුව ඇත. එවිට විදුලිබල මණ්ඩලයේ ගිණුම්වල ඉතිරි වන්නේ බිලියන 2.7 ක් වැනි ප්‍රමාණයකි.

තවත් බිලියන 350 ක් පමණ ණය ඉතිරිව ඇති බැවින් විදුලි බිල අඩු කිරීමට නම් බිලියන 400ක පමණ ණය ප්‍රමාණය මහා භාණ්ඩාගාරයෙන් ලබා දිය යුතු වන බව ඔහු සඳහන් කළේය.

විදුලිය සඳහා වැඩිම ගාස්තුවක් ගෙවන රටවලින් එකක් වන්නේ ශ්‍රී ලංකාවය. විදුලි ඒකකයක් නිපදවීම සඳහා සාමාන්‍යයෙන් ඩොලර් සත 13 ක් හෙවත් රුපියල් 39 ක් පමණ වැය වේ. 2014 සිට 2022 දක්වා වසර 8 ක පමණ කාලයක් විදුලි බිල වැඩි නොකිරීම හේතුවෙන් විදුලිබල මණ්ඩලය විශාල අලාබයක් ලබා ඇත. පසුගිය සමයේ ලබාගත් ණය බිලියන 332 කි.

මෙම අලාබය ගෙවන්නට සිදුව ඇත්තේ විදුලිය පාරිභෝගිකයන්ටය. ඉදිරි වසර 5 සඳහා ඇති ඉලක්කවලට අනුව විදුලි ඒකකයක් නිපදවීම සඳහා ඩොලර් සත 8 ක් හෙවත් රුපියල් 24 ක් වැනි අගයකට අවම කර ගැනීම ආණ්ඩුවේ අරමුණ වී තිබේ. එවිට 30% ක පමණ ගාස්තු සංශෝධනයක් කළ හැකි බවට විදුලිබල අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

– Deshaya

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form