ලබන සතිය අවසන් වනවිට සහල් හිඟයට විසඳුම්…

ලබන සතියේ අග වන විට වෙළඳපොළේ පවතින සහල් හිඟය අවසන් කිරීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා පැවසීය.

මේ වනවිට දිවයිනේ ප්‍රධාන වී මෝල් වෙත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේයේ නිලධාරීන් යොමු කිරීමට කටයුතු කර ඇති බව පැවසීය.

ඒ අනුව අද (08) දිනයේ පොලොන්නරුව සහ හම්බන්තොට වී මෝල් පරීක්ෂා කිරීම සහ සහල් තොග නිකුත් කිරීම සොයා බැලීම සිදුවිය.

ඒ අනුව අද සිට එම නිලධාරීන් දිනපතා වී මෝල් හිමියන්ගෙ සහල් සහ වී තොග සම්බන්ධ වාර්තා ලබා ගන්නා බව පැවසීය.

එම වාර්තා වෙළද අමාත්‍යාංශ වෙත භාරදීමට කටයුතු කරන බව එහිදී පැවසීය.

මේ අතර ඊයේ (07) දිනයේ ගත් තීරණයට අනුව සහල් පාලන නව මිල සම්බන්ධ ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කිරීමට කටයුතු කරන බව අධ්‍යක්ෂවරයා පැවසීය.0

ගොවියාට සාධාරණ මිලක් ලබාදීම සහ පරිභෝගියාට සාධාරණ මිලකට සහල් ලබාදීම අරමුණු කර ගනිමින් මෙලෙස සහල් පාලන මිලේ සංශෝධනයක් සිදුකළ බව වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form