ලාල් කාන්ත ප්‍රසිද්ධියේම කරපු වැරදි පිළිගනියි

අමාත්‍ය ලාල් කාන්ත මහතා විසින් උපාධිධාරීන්ට රජයේ රැකියා දෙන ලෙස තමන් ඇතුළු කණ්ඩායම් පාරට බැස විරෝධතා කළද එහි ප්‍රතිඵල දැන් පෙනෙන්න ඇති බව ප්‍රකාශ කරයි.

එසේම ඔහු විසින් රජය රැකියා ලබාදීමේ ආයතනයක් නොවන බව පවසයි.

එසේම මේ රටේ කඩා වැටීමට තමන් ඇතුළුව සියලු දෙනා වගකිය යුතු බවද පවසා සිටියි.

ඔහු මේ බව කියා සිටියේ ඔහුගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නියාමනය අනුව යුරෝපා සංගමයේ ආධාර යටතේ ශ්‍රී ලංකාවට ලැබුණු බීජ වී සැකසීමේ යන්ත්‍ර සහ බීජ වී වියලීමේ යන්ත්‍ර මහා ඉළුප්පල්ලෙම බීජ පර්යේෂණ ආයතනය වෙත ලබාදීමේ අවස්ථාවේදියි.

ඒ අනුව ඔහු වැඩිදුරටත් පැවසුවේ,

‘‘රාජ්‍ය සේවයට දැන් මේ අවුරුද්දේ බඳව ගන්න ඕනේ 30,000ක්. හැබැයි උපාධිධාරයන්ට කියන්න ඕන රජයේ රස්සා බලන්න එපා. රජය රැකියාදීමේ ආයතනයක් නෙමෙයි. ඒවට අපිත් වග කියන්න ඕන නේද. ඒවට අපිත් වග කිය යුත්තෝ. අපිනෙ කිව්වේ උපාධිධාරයන් ඔක්කොටම ජොබ් දීපියව් පුරෝපියව් කියලා සටන් කරලා පාරට බැහැලා. දැන් දුන්නා දීමක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කරන්න දෙයක් නැහැ උන්ට. ප්‍රාදේශීය ලේකම් තුමන්ලා කියනවා එන්න එපා බදාදට ඇවිල්ල අත්සන් කරලා යන්න. උඹල ගෙදර ඉන්න එක වාසී මෙහෙනවට වඩා. මෙහෙ ආවම පොඩි ෆෑන් එකක් හරි දාගන්න වෙනවා ලයිට් එකක් හරි දාන්න වෙනවා. ඒ කියන්නේ මේ කතා කරන මමත් ඔබත් මේ රටේ කඩා වැටීමට වගකිව යුතුයි’’

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form