ලොස් ඇන්ජලීස් ලැව්ගින්න 05ක් බිලි ගනී

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හී පැතිරී යන ලැව් ගිනි තවත් උග්‍ර වී තිබේ.

ඒ හේතුවෙන් පුද්ගලයින් 05 දෙනෙකුට දිවි අහිමි විය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පුද්ගලයින් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බවයි.

ලැව් ගිනි පැතිර යන්නේ පැලිසේඩ්, ඊටන්, හර්ස්ට් සහ වුඩ්ලි ප්‍රදේශ ආශ්‍රිතවයි.

ඉන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ පැලිසේඩ් සහ ඊටන් ප්‍රදේශවලටයි.

පැලිසේඩ්හී අක්කර 15,000ක් සහ ඊටන් ප්‍රදේශයේ අක්කර 10,000ක පමණ භූමි ප්‍රදේශයක් ලැව් ගිනි හේතුවෙන් විනාශ විය.

ලොස් ඇන්ජලීස් ඉතිහාසයේ ඇති වූ දරුණුතම ලැව් ගින්න ලෙස පැලිසේඩ් ප්‍රදේශයේ පැතිර යන ලැව් ගින්න හැඳින්වේ.

හර්ස්ට්හී අක්කර 700ක් සහ වුඩ්ලි හී අක්කර 75ක් ද ලැව් ගින්නට හසුව ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් විය.

මේ වනවිට ගිණි නිවන භටයින් දහස් ගණනක් එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කළත් අධික වේගයකින් හමායන සුළං හේතුවෙන් ගින්න මැඩපැවැත්වීම අසීරු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form