ලොහාන්ට ඇප

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ඇප මත මුදා හැරීමට අධිකරණය අද නියෝග ක‌ළේ ය.

ඒ, කොල්ලුපිටියේදී පසුගිය 06 වැනිදා සිදුවූ රිය අනතුරකට අදාළ නඩුව අද කැදවු අවස්ථාවේදී ය.

සැකකාර හිටපු රාජ්‍ය අමාත්‍යවරයා විවෘත අධිකරණය හමුවේ, රිය අනතුරේ අනෙක් පාර්ශවයෙන් සමාව අයැද සිටියේ ය.

පොලිසිය පැවසුවේ, දෙපාර්ශවයේ සමතය සැලකිල්ලට ගෙන කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය විසින් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2 ක් මත සැකකාර හිටපු රාජ්‍ය අමාත්‍යවරයාට ඇප නියම කළ බවයි.

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පසුගිය 06 වැනිදා පස්වරුවේ අත්අඩංගුවට ගැනුණේ කොල්ලුපිටිය හංදියේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් ය.

ඒ ලොහාන් රත්වත්තේ මහතා පැදවූ ඩිෆෙන්ඩර් රථය මෝටර් රථයක ගැටී අනතුර සිදුව තිබුණි.

අධිකරණයේදී කොල්ලුපිටිය පොලිසියේ විමර්ශන නිලධාරීන් පැවසුවේ සැකකරු බීමතින් රිය ධාවනය කර අනතුරක් සිදු කිරීමේ ඇතුළු චෝදනා කිහිපයක් මත අත්අඩංගුවට ගත් බවයි.

අනතුර සිදුවන අවස්ථාවේ සැකකරු අනතුරුදායක ඖෂධයක් භාවිත කර සිට ඇති බවට විමර්ශන වලින් අනාවරණය වී ඇති බව ඔවුන් පැවසුවේ ය.

විමර්ශන නිලධාරීන් වැඩිදුරටත් කරුණු දක්වමින් පවසා සිටියේ සාපරාධී බිය වැද්දවීම, බැණ මරණීය තර්ජනය කිරීම යන චෝදනා යටතේ සැකකාර ලොහාන් රත්වත්තේට එරෙහිව තවත් නඩුවක් ගොනු කර ඇති බවයි.

එමෙන්ම සැකකරු දැනටත් අධිකරණය භාරයේ සිටින පුද්ගලයෙකු බවද එහිදී ප්‍රකාශ විය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form