වහාම ක්‍රියාත්මක වන පරිදි, ඉන්ධන මිල සංශෝධනය කෙරේ

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලංකා සුපිරි ඩීසල් මිල රුපියල් 18කින් වැඩි කර ඇත.

ඒ අනුව එහි නව මිල රුපියල් 331ක් වේ.

කෙසේ වෙතත්, අනෙකුත් මිල ගණන් නොවෙනස්ව පවතින බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සදහන් කළේ ය.

ඒ අනුව ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක් රු.309.00ක් ද, ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යුරෝ 4 ලීටරයක් රු.371.00 ක් ද, ලංකා සුදු ඩීසල් ලීටරයක් රු.286.00 ක් ද, ලංකා භූමිතෙල් ලීටරයක් රු.183.00ක් ද මිල ගණන් නොවෙනස්ව පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form