වහාම ක්‍රියාත්මක වන පරිදි, ඉන්ධන මිල සංශෝධනය කෙරේ

Spread the love

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලංකා සුපිරි ඩීසල් මිල රුපියල් 18කින් වැඩි කර ඇත.

ඒ අනුව එහි නව මිල රුපියල් 331ක් වේ.

කෙසේ වෙතත්, අනෙකුත් මිල ගණන් නොවෙනස්ව පවතින බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සදහන් කළේ ය.

ඒ අනුව ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක් රු.309.00ක් ද, ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යුරෝ 4 ලීටරයක් රු.371.00 ක් ද, ලංකා සුදු ඩීසල් ලීටරයක් රු.286.00 ක් ද, ලංකා භූමිතෙල් ලීටරයක් රු.183.00ක් ද මිල ගණන් නොවෙනස්ව පවතී.