ව්‍යාජ අංක යටතේ ලියාපදිංචි කරන ලද ජීප් රථ තුනක් අත්අඩංගුවට

නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වා කූඨ ලේඛන භාවිත කරමින් ව්‍යාජ අංක යටතේ ලියාපදිංචි කරන ලද ජීප් රථ තුනක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය සිය භාරයට ගෙන තිබෙනවා. 

හමුදා රථයකට සමාන මිට්සුබිෂි වර්ගයේ එක් ජීප් රථයක් එම ඒකකයේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇත්තේ පානදුර, පිංවත්ත ප්‍රදෙශයේදීයි. 

හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු විසින් භාවිත කරන බවට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී අදාළ ජීප් රථය පොලිස් භාරයට ගෙන තිබෙනවා. 

ඒ අනුව සිදු කළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වූ තොරතුරු අනුව ලෑන්ඩ් රෝවර් වර්ගයේ ජීප් රථ දෙකක් රත්මලාන ප්‍රදේශයේ නිවසක ගාල් කර තිබියදී සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා. 

අදාළ ජීප් රථ සම්බන්ධයෙන් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය  වැඩිදුර විමර්ශන සිදු කරනවා. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form