වැඩි මිලට විකුණන ගිණි කන වෙලදුන් අල්ලන්න ජනතාවගෙන් ඔත්තු ඉල්ලයි..

එළඹෙන උස්සව සමය හේතුවෙන් අද (25) සිට දිවයින පුරා වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පාරිභෝගික කටයුතු සහ තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා පැවසීය.

වැඩි මිලට භාණ්ඩ අලවි කිරීම සහ කල් ඉකුත් වූ භාණ්ඩ පාරිභෝගිකයින් වෙත අලව් කිරීම වැලැක්වීම සඳහා විශේෂ වැටලීම් සිදුකරන බව පැවසීය.

උස්සව සමය වෙනුවෙන් ඉදිවන තාවකාලික වෙළඳ සැල්වලින් භාණ්ඩ මිලදී ගැනීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටීයී.

හැකිතාක් භාණ්ඩ මිලදී ගැනීමේදී විශ්වාසය තැබිය හැකි වෙළද සැල්වලින් භාණ්ඩ මිලදී ගැනීමට කටයුතු කරන ලෙස දැනුම් දෙයි.

මිලදී ගන්නා භාණ්ඩ සඳහා පිළිගත හැකි සහතිකයක් ලබා ගැනීමට කටයුතු කරන ලෙස පාරිභෝගික ජනතාවට දැනුම් දෙයි.

යම් තොරතුරක් දැනුම් දීමට ඇත්නම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ 1977 ක්ෂණික දුරකථන අංකයට ඇමතිය හැකි බව පැවසීය.

එසේ නොවේනම් සෑම දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයකම සිටින සිය අධිකාරියේ නිලධාරීන් දැනුවත් කර හැකි බව වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form