විදුලිය බිල 37%කින් වැඩි කරන්න මණ්ඩලය යෝජනා කරලා…- අධ්‍යක්‍ෂ ජනරාල්

විදුලිය සඳහා වැඩිම වියදමක් දරන රටවල් අතරින් ශ්‍රී ලංකාව එකක් බව බලශක්ති අමාත්‍යාංශයේ විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් විදුලි ඉංජිනේරු පුබුදු නිරෝෂන් මහතා සඳහන් කරයි.

ලංකාවේ විදුලි ඒකකයක් සඳහා සාමාන්‍යයෙන් ගෙවන මුදල රුපියල් තිස් නවයක් බව ද පැවසූ ඔහු එය ඉදිරියේදී රුපියල් විසි හතරක පමණ මට්ටමට අඩු කරගත යුතුව ඇති බවද පෙන්වා දෙයි.

ඉදිරි වසර පහක කාලයේදී ඉලක්කය ඒ බවද පැවසූ ඔහු ඒ අනුව 2025 වසරට විදුලි ඒකක අතිරේක වශයෙන් බිලියනයක් අවශ්‍යතාවයක් ඇති බවද කියා සිටී.

දැනටමත් විදුලිබල මණ්ඩලය බිලියන 333 ක් ණයක් බවද පැවසූ ඔහු එය ගෙවිය යුතුව ඇත්තේ ද පාරිභෝගිකයන් විසින්ම බවත් පෙන්වා දෙයි.

අනුර දිසානායක ජනාධිපතිතුමන් විදුලි බිල සියයට තිහකින් අඩු කරන බව කීවේ වසර පහක කාලයක් ඇතුළත බවද පැවසූ ඔහු එම ප්‍රකාශයේ කොටසක් පමණක් ගෙන අදහස් පළවන බවද කියා සිටී.

අවසන් විදුලි ගාස්තු සංශෝධනයේදී විදුබල මණ්ඩලයෙන් 37%ක විදුලි ගාස්තු වැඩි කිරීමක් යෝජනා කරන ලද බවද හෙතෙම කියා සිටී.

නමුත් එම ඉල්ලීමට කිසිසේත්ම ඉඩ නොදුන් බවද හෙතෙම සඳහන් කළේය.

ස්වාධීන රූපවාහිනිය පැවති සාකච්ඡාවකදී ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form