විදුලි ගාස්තු 37%කින් වැඩි කරන්න වෙලා.. දවසෙන් දෙකෙන් අඩු කරන බව අප කීවේ නෑ.. – විදුලි ඇමති

විදුලි ගාස්තුව දවසින් දෙකෙන් අඩු කරන බවක් කිසිවකු තම ආණ්ඩුවේ කිසිවෙකු පවසන්නේ නැතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සඳහන් කරයි.

පසුගිය රජය විසින් එකඟ වී ඇති ගිවිසුම් අනුව විදුලි ගාස්තුව අඩු කිරීමටද නොහැකි බවද ඔහු කියා සිටී.

දැනට පාරිභෝගිකයන්ට විදුලිය ලබාදෙනවාට වඩා වැඩි මුදලක් විදුලි ඒකකයක් සඳහා මණ්ඩලයට වැය වෙමින් ඇති බවද හෙතෙම පවසයි.

විදුලි බල මණ්ඩලය විසින් පසුගියදා යෝජනා කර තිබුණේ සියයට 37කින් විදුලි ගාස්තුව ඉහළ දැමීමට වුවද එම ගාස්තුව ඉහළ නොදමා සිටීමටද රජයක් විදිහට කළමනාකරණය කරමින් සිටින බවත් ඔහු පවසයි.

පාර්ලිමේන්ව අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form