විභාගෙ ලියන්න මදුරු විකර්ශකයක් ගල්වාගෙන එන්න…

අධ්‍යනය පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන විභාග මධ්‍යස්ථාන ආශ්‍රිත මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස උපදෙස් දී ඇතිබව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ලහිරු කොඩිතුවක්කු මහතා පැවසීය.

මදුරු විකර්ශකයක් ගල්වා විභාගයට පැමිණෙන ලෙස විභාග අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටින බව පැවසීය.

ජාතික ඩෙංගු මර්දන ඒකකය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා එක්ව ඊට අවශ්‍ය මාර්ගෝපදේශ සපයා තිබේ.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාල වලට සහ අධ්‍යාපන බලධාරීන්ට එම මාර්ගෝපදේශ ලබාදී ඇතිබව වැඩිදුරටත් පැවසීය.

මේ අතර විවිධ ආපදා හේතුවෙන් උසස් පෙළ විභාගයට ඇති විය හැකි බාධා මගහරවා ගැනීම සඳහා අදාළ අංශ වෙත මාර්ගෝපදේශ නිකුත් කර ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

උසස් පෙළ විභාගය ලබන සඳුදා (25) ආරම්භ වන අතර දෙසැම්බර් 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

විභාග මධ්‍යස්ථාන 2312කදී එය පැවැත්වෙයි.

මෙවර උසස් පෙළ විභාගයට අපේක්ෂකයින් තුන් ලක්ෂ තිස් තුන්දහස් එකසිය අසූපස් දෙනෙකු පෙනිසිටීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form