විමල් වීරවංශ ඉසුරුපාය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් අද (ජනවාරි 12) පෙරවරුවේ කොළඹ ඉසුරුපාය පිහිටි අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කර ඇත.

රජය විසින් ඉදිරිපත් කර ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙසත්, එම ප්‍රතිසංස්කරණ සඳහා වගකිව යුතු අගමැතිවරිය හා අධ්‍යාපන අමාත්‍යවරිය වන හරිනි අමරසූරිය මහත්මිය සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට බලකරමින් මෙම සත්‍යග්‍රහය ආරම්භ කර ඇති බව සංවිධායකයන් පවසයි.

මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් ජාතික අධ්‍යාපන පද්ධතිය විනාශ වන අතර, දරුවන්ගේ අධ්‍යාපන අයිතියට හා ගුරුවරුන්ගේ වෘත්තීය නිදහසට දැඩි බලපෑම් ඇතිවන බව විරෝධතාකරුවන් චෝදනා කරති.

සත්‍යග්‍රහය අමතා අදහස් දක්වමින් විමල් වීරවංශ මහතා සඳහන් කළේ, මහජන අදහස් හා විශේෂඥ මත නොසලකා හරිමින් අධ්‍යාපන ක්ෂේත්‍රයට ගෙන එන ඕනෑම ප්‍රතිසංස්කරණයක් රටට හා අනාගත පරපුරට අහිතකර වන බවයි.

අදාළ ඉල්ලීම් ඉටු වන තුරු මෙම සත්‍යග්‍රහය අඛණ්ඩව පවත්වාගෙන යන බවත්, ඉදිරියේදී තවත් මහජන විරෝධතා ක්‍රියාමාර්ග රැසක් සංවිධානය කිරීමටද නියමිත බව සංවිධායකයන් වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form