වී සහතික මිල කියන්න බැරිව රජය අර්බුදයක.. ගොවීන් කියන ගාන දුන්නොත් හාල් කිලෝව 300 පනී..

වී සඳහා වන සහතික මිලක් නියම කිරීමේදී රජය විශාල ගැටලුවකට මුහුණපා ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.

ගොවීන් තම නිෂ්පාදන වියදම ලෙස වී කිලෝවක් සඳහා රුපියල් 110-115ක පමණ මිලක් පෙන්වා සිටියදී ඊට අදාළව සහතික මිලක් නියම කිරීමට නොහැකි වීම හෙහ ගැටළුවයි.

රජය පවසන්නේ වී කිලෝවක නිෂ්පාදන පිරිවැය හා එයින් තුනෙන් එකක මුදලක් එක් කර වී සදහා සහතික මිල ගැසට් කරන බවයි.

ගොවින් පෙන්වා දෙන ආකාරයට රුපියල් 110-115ක නිෂ්පාදන වියදම පිළිගතහොත් සහතික මිල රුපියල් 150ක් ආසන්න වීමේ අවධානමක් ඇත.

එතරම් ඉහළ මිලකට වී කිලෝවක් මිලට ගතහොත් සහල් කිලෝවක් රුපියල් 290 ඉක්මවා ඉහළ යා හැකි බවට දැනටවත් පුරෝකථනය වී ඇත.

මෙම තත්ත්වය මත මහ කන්නයේ වී අස්වැන්න ලැබෙමින් පැවතියත් වී සඳහා වන සහතික මිල මෙතෙක් ගැසට් කිරීමට රජයට හැකියාවක්  ලැබී නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form