වෙන ආණ්ඩුවක් මෙහෙම කලා නම් නාමල් අමුඩෙ ගහං මහා පාරේ…

තමන් බලයට ආ පසු තෙල් ලීටරය රුපියල් 52 තෙක් පහත දමන්නේ යයි පැවසූ වත්මන් ආණ්ඩුව පෙට්‍රල් මිල රුපියල් දෙකකින් අඩු කොට අනෙකුත් ඉන්ධන මිල ඉහළ නංවා ඇති බව ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමි චෝදනා කරති.

ගොවි ජනතාවට ප්‍රශ්නයක් ආ විට ගොයම් කරල ඉඟුරු කරල කටේ ගහගෙන අල ලූනු මාධ්‍යයට පෙන්වමින් කටයුතු කළ වත්මන් අමාත්‍ය නාමල් කරුණාරත්න ගොවියන්ට වගා හානි ලෙස අද රුපියල් 40,000ක් වෙන් කර ඇතැයි ද උත් වහන්සේ කියා සිටිති.

වෙනත් ආණ්ඩුවක් මෙය කළා නම් ගොවියන් සමග පාරට බැස අමුඩ ගසා ගෙන උදළු මන්නා කැති පොරෝ කෙටේරි උස්ස ගෙන පාර දිගේ විරෝධතා කරනු ඇති බවත් ගොවියන්ගෙන් දැන් සැප ද කියා තමන් වහන්සේ අසන බවත් එහිමියන් පැවසූහ.

මොවුන් මෙලෙස කටයුතු කරන්නේ දෙවියන්ගේ හාල් කෑවිලා දැයි මාධ්‍ය හමුවක් අමතමින් සීලරතන හිමි ප්‍රශ්න කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form