ශ්‍රී ලංකාවේ බලයට පැමිණ තිබෙන්නෙ වමේ ආණ්ඩුවක් ද?

“ශ්‍රී ලංකාවේ බලයට පැමිණ“ තිබෙන්නෙ වමේ ආණ්ඩුවක් බව විදෙස් පුවත් වාර්තා කරමින් සිටී. එනමුත් ලංකාවේ වැසියන්ට එවැනි හැඟීමක් තවමත් ඇති වී තිබෙන බවක් පෙනෙන්නට නැත. එසේ වී ඇත්තෙ ඇයි? පසු ගිය ආණ්ඩු අනුගමනය කළ ආර්ථික හා දේශපාලන ක්‍රියා මාර්ගම මෙම රජය ඊටත් වඩා හොඳට කරමින් සිටින බව පෙනෙන්නට තිබේ. මාලිමා රජයේ බලගතු රාජ්‍ය ආයතන පුල් පුටුවලට ප්‍රබල ව්‍යාපාරිකයින් පත් කරමින් සිටින අතර ව්‍යාපාරික වලල්ලක් විසින් රාජ්‍ය බලය පාවිච්චි කිරීම ආරම්භ කර ඇත.

ඉතින් මෙවැනි රජයකින් ජනතාවට ඉටු විය හැකි යුතුකම් ගැන බලාපොරොත්තු තබා ගත හැකිද? ඇත්ත වශයෙන්ම මෙහිදී මතක් වෙන්නෙ ලෙනින් කියූ මෙවදන්ය. ඔහු මාක්ස්වාදය සංවර්ධනය කරමින් මෙසේ කීවේය. “වත්මන් කාලයේදී අධිරාජ්‍යවාදය යනු මූල්‍ය ප්‍රාග්ධනයේ ආධිපත්‍යයයි“. මාලිමා ආණ්ඩුව සේවය කරමින් ඉන්නෙ එම ආධිපත්‍යය වෙනුවෙන් නොවේද? හුළං හමන අත දැන ගැනීමට මහ ගස් පෙරලෙන්නම ඕනි නැති බව අපි කවුරුත් දනී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form