ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට පැන වූ තීරු බද්ද අත්හිටුවයි!

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවකට වහාම ක්‍රියාත්මක වන පරිදි පනවන ලද තීරු බදු, දින 90ක කාලයක් සඳහා අත්හිටුවා ඇත.

කෙසේ වෙතත්, චීනයට එරෙහි තීරු බද්ද 125% දක්වා ඉහළ නංවා ඇත.

ඊයේ (9) දින සිට ක්‍රියාත්මක වන පරිදි, චීන ආනයන සඳහා ඇමරිකාව 104%ක තීරු බද්දක් පනවා තිබුණි.

එම තත්ත්වයට ප්‍රතිචාර වශයෙන්, චීන මුදල් අමාත්‍යාංශය අද පස්වරුවේ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ඇමරිකානු ආනයන සඳහා 84%ක තීරු බද්දක් පනවන බවයි.

ඒ අනුව, චීනයේ එම තීරණයට ප්‍රතිචාර ලෙස ඇමරිකාව නැවත වරක් තීරු බදු ප්‍රතිශතය ඉහළ දමා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form