ශ‍්‍රී ලංකාව එකග වුනා.. දේපල බද්දක් පනවන්න සූදානම්- IMF

2027 වසරේ සිට දේපල බද්දක් හඳුන්වාදීමට ශ්‍රී ලංකාව සැලසුම් කර ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එහි නවතම මාණ්ඩලික වාර්තාවකින් අනාවරණ කර ඇත.

එම වාර්තාවට අනුව 2027 වසරේ පළමු කාර්තුව තුළදී දීප ව්‍යාප්ත දේපල බදු ක්‍රමවේදය හඳුන්වාදීමට නියමිතය.

නව දේපල බද්ධ පැනවීමට අවශ්‍ය දත්ත යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ගෙන ඇති පියවර ජාත්‍යන්තර මූල්‍ය අනුමදලේ නවතම කාර්ය මණ්ඩල වාර්තාවේ සඳහන්ය.

එම වාර්තාවට අනුව දේපල තක්සේරුකරණය සඳහා විස්තීරණ ඩිජිටල් දත්ත පද්ධතියක් නිර්මාණය කිරීමට නියමිතය.

දේපල වටිනාකම් තක්සේරුකරණය හා බදු වගකීම් ගණනයේදී අදාල දත්ත පද්ධතිය මූලික පදනම වෙයි.

වැඩ පිළිවෙලේ මුල් අදියර ලෙස රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව සතු අතීත තක්සේරු වාර්තා ඩිජිටල්කරණනය කෙරෙනු ඇති.

ඒ යටතේ මුලින්ම ආවරණය කෙරෙන්නේ නගර සභාවවලට අදාළ තක්සේරු වාර්තායි.

මෙම වසර අවසානය වනවිට එම ඩිජිටල් කරණනය සම්පූර්ණ කිරීමට අපේක්ෂිතය.

ඊට සමගාමීව පළාත් මට්ටමෙන් විකුණුම් මිල කුලී බදු ලේඛනයක් සම්පාදනය කර රටපුරා දේපල වෙළඳ පොළෙහි වත්මන් මිල ඇස්තමේන්තු කිරීමටද රජය මුලපුරා ඇති බව ජත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාණ්ඩලික වාර්තාවේ සඳහන්ය.

රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව අතීත වාර්තා ඩිජිටල්කරණයට ලක් කිරීමෙන් පසු ඒවා පළාත් මට්ටමෙන් දේපල විකුණුම් මිල හා කුලී බදු ලේඛනය සමඟ ඒකාබද්ධ කර දේපල සඳහා අවම ඇස්තමේන්තු ගත වෙළඳ මිල සඳහන් ජාතික දත්ත පද්ධතියක් 2026 වසරේ ජූනි මාසය වනවිට නිර්මාණය කිරීම රජයේ සැලැස්ම බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මණ්ඩලික වාර්තාව අනාවරණය කර තිබේ.

2026 වසරේ සැප්තැම්බර් වන විට අදාල දත්ත පද්ධතිය අනුසාරයෙන් තීන්දු තීරණ ගැනීමේ හැකියාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව හා ඉඩම් කොමසාරිස් ජෙනරල් කාර්යාලයට මෙන්ම මහා ජනතාවටද ඉඩ ලැබෙන බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form