සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය අද (22) පැවැත්වීමට නියමිතව තිබේ.
මෙම තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතය.
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර එක්දින තරගාවලිය තරග තුනකින් සමන්විත වේ.
එක්දින තරගාවලිය අවසන් වීමෙන් අනතුරුව, දෙරට අතර තරග තුනකින් යුත් විස්සයි20 ක්‍රිකට් තරගාවලියක්ද පැවැත්වීමට නියමිත අතර, එහි පළමු තරගය ලබන 30 වැනි දින පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත බව සඳහන්ය.