ශ්‍රී ලංකා – නවසීලන්ත තුන්වැනි 20යි 20 ක්‍රිකට් තරගය ඇරඹේ

සත්කාරක නවසීලන්ත සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර තුන්වැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය දැන් පැවැත්වේ.

ඒ, නවසීලන්තයේ නෙල්සන්හිදීයි.

ක්‍රීඩාංගණයේ තෙත සහිත බව හේතුවෙන් තරගයේ කාසියේ වාසිය උරගා බැලීම සිදු කළේ මිනිත්තු 15ක පමණ ප්‍රමාදයකින් අනතුරුවයි.

කාසියේ වාසිය ජය ගත් නවසීලන්ත කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළේ ය.

ඒ අනුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20ක් තුළ කඩුලු 05ක් දැවී ලකුණු 218ක් රැස්කරන ලදී. එහිදී කුසල් පෙරේරා පන්දු 46කට මුහුණදී හතරේ පහර 13 හා 6 පහර 4 සමගින් ලකිනු 101ක් රැස්කරන ලදී.

පිළිතුරු ඉණිම ක්‍රීඩාකරන නවසීලන්ත කණ්ඩායම පන්දු වාර 15ක් අවසානයේදී කඩුලු 4ක් දැවී ලකුණු 168 ලබාගැනීමට සමත්වී ඇත.

නවසීලන්ත කණ්ඩායමට ජයග්‍රහණය සඳහා පන්දු 30කදි ලකුණු 51ක් ලබාගත යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form