සමගියේ අභ්‍යන්තර ගැටුම් ඉවරයි

සමගි ජන බලවේගයේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 4 සඳහා සුදුස්සන්ගේ නම් ලබන සදුදාට පෙර නම් කරනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා.

ඒ කොළඹ ඊයේ(22) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පසු ගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී සමගි ජන බලවේගයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 05 ක් හිමි වූ අතර ඉන් එක් මන්ත්‍රි ධූරයක් පමණක් මේ වනවිට පුද්ගලයෙකු නම් කර තිබෙනවා.

සෙසු මන්ත්‍රී ධූර හතර සඳහා ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය ජී.එල්. පීරිස්, ඉමිතියාස් බාකීර් මාකර්, සුජීව සේනසිංහ සහ මනෝ ගනේෂන්ගේ නම් යෝජනා වී තිබුණා.

මේ අතර, පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ නියමිත වේලාවට ඉතිරි ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර සඳහා ද පුද්ගලයින් නම් කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form