සම්ප්‍රේෂණ කුලුනක තඹ කේබල් කැපූ අයෙකු අත්අඩංගුවට

රඹුක්කන, යටගම, තල්හේන්කන්ද ප්‍රදේශයේ පිහිටි දුරකථන සම්ප්‍රේෂණ කුලුනක සවිකර තිබූ කේබල් සොරකමක් සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී සොරකම් කරන ලද තඹ කම්බි කිලෝ 13 කට අධික ප්‍රමාණයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

ඊයේ මෙම සැකකරු රඹුක්කන පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 31ක් වන රඹුක්කන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form