සහල්, පොල් ගණන් කියා ආපනශාලා ආහාර මිල 30%කින් ඉහලට..

වෙළෙඳපොළේ පොල් මිල ඉහළ යාම හේතුවෙන් දිවයින පුරා බොහෝ ආපනශාලාවල පොල් සම්බෝල හා කිරි හොදි ලබාදීම නතර කර ඇති බව සමස්ත ලංකා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමය පවසයි.

එහි සභාපති හර්ෂණ රුක්ෂාන් පවසන්නේ ඇතැම් ප‍්‍රදේශවල පොල් ගෙඩියක මිල රුපියල් 200 දක්වා ඉහළ යාමත් සමග ආපන ශාලා හිමියන් දැඩි අර්බුදයකට පත්ව ඇති බවයි.

සහල්, පොල්, බිත්තර, ලූණු මිල අධික වීම හේතුවෙන් ආපනශාලාවල ආහාර ද්‍රව්‍යවල මිල 30% කින් ඉහළ දැමීමට සිදුව ඇති බවත් හෙතෙම කියා සිටී.

කුකුළු මස් කිලෝවක් රුපියල් 1280 දක්වා ඉහළ ගොස් ඇති බවත් ඔහු පැවසීය.

ඔහු පවසන පරිදි ආප්ප සෑදීම සහ දේශීය මට්ටමින් අලෙවි කිරීමට දිවා ආහාර පාර්සල් සකස් කිරීම ද පොල් මිල ඉහළ යාමෙන් පීඩාවට පත්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form