සහල් මාෆියාව පාලනය කිරීමට පියවර ගන්නවා – සුනිල් හඳුන්නෙත්ති

මහ කන්නයේ වී මිලදී ගැනීම සදහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මේ වන විට වී අලෙවි මණ්ඩලය වෙත ලබා දී ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඒ අනුව කඩිනමින් වී අලෙවි මණ්ඩලය විසින් වී මිලදී ගැනීමේ කටයුතු ආරම්භ කරනු ඇති බවය.

ඊයේ රාත්‍රි විකාශය වූ රූපවාහිනී සජීවී වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

රට තුළ පවතින සහල් මාෆියාව පාලනය කිරීම සදහා ක්‍රමානුකූලව පියවර ගනිමින් සිටින බව ද  අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය.

“ගොවියාගේ තරගකාරී වාසියේ මිල අපි ඊට වඩා පහළින් තිබ්බොත් ගොවියාට අසධාරණයක් වෙනවා. අනිවාර්යෙන්ම අදින් පටන් ගත්ත සතිය ඇතුළත සහතික මිල තීරණය වෙන්න ඕනේ ඒක පැහැදිලියි. හැබැයි ඒක බහුතරයක් ගොවියාගේ පැත්තේ තියෙන්නේ.  මම ආණ්ඩුවේ ඉන්න නිසා මේ කියනවා නෙමයි. කල්යල් බලලා, දුරදිග බලලා ගොවියාත් ආරක්ෂා කරගෙන, පාරිභෝගිකයාත් ආරක්ෂා කරන පැත්කට ආපු පළවෙනි ආණ්ඩුව ජාතික ජනබලවේගයේ අනුර දිසානායකගේ ආණ්ඩුව. මුදල් නිදහස් කිරීමේ ක්‍රියාවලියක් තියෙනවා. මුදල් නිදහස් වෙලා ඉවරයි දැන් වී මිලදී ගන්න පුළුවන්. හෙටම පටන් ගන්න පුළුවන්.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form