ස්වීඩනයේ පාසලක වෙඩි තැබීමක්, 5ක ට තුවා

ස්වීඩනයේ පාසලකදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ස්ටොක්හෝම් නගරයට කිලෝමීටර් 200ක් බටහිර දෙසින් පිහිටි ඔරෙබ්‍රෝ ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එරට ආරක්ෂක අංශ විසින් අදාළ පාසල අවට සිටින ප්‍රදේශවාසීන්ට දැනුම්දී ඇත්තේ සිය නිවස්වලටම වී සිටින ලෙසයි.

එමෙන්ම අවට ඇති පාසල් වසා දැමීමට ද බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

තුවාල ලැබූවන් අතර වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා ද සිටිනු ඇති බවටයි ස්වීඩන ආරක්ෂක අංශ සැක පළ කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form