සූ කී අම්මා ගැන බියෙන් ඉන්න පුත්‍රයාට මියන්මාර ජුන්ටාවෙන් පිළිතුරක්

නිවාස අඩස්සියේ රඳවාගෙන සිටින මියන්මාර හිටපු නායිකා අවුන් සාන් සූ කී යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව එරට හමුදා ජුන්ටාව පවසයි.

මෙම සතියේ මුලදී ටෝකියෝ නුවර පැවති සම්මුඛ සාකච්ඡාවකදී අවුන් සාන් සූ කීගේ පුත්‍රයෙකු වන කිම් අරිස් පැවසුවේ, වසර ගණනාවක් තිස්සේ තම මවගෙන් කිසිදු ආරංචියක් නොලැබුණු බවය.

එම ප්‍රකාශයට ප්‍රතිචාර ලෙස ඇගේ සෞඛ්‍ය තත්ත්වය මෙලෙස හමුදා ජුන්ටාව විසින් හෙළිකර ඇත.

එම මාධ්‍ය සාකච්ඡාවේ දී සු කීගේ පුත්‍රයා පවසා ඇත්තේ, මේ වනවිට වයස අවුරුදු 80ක් වූ තම මවගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය ගැන තමන් නොදැනුවත්වම ඇය මිය යනු ඇති බවත්ය.

අවස්ථා රැසකදී නිවාස අඩස්සියේ මෙන්ම සිරගතව තබා ඇති සූකී අවසන්වරට 2021 වසරේ දී සිරගතව වූ අතර, 2024 අප්‍රේල් මාසයේදී නිවාස අඩස්සියට පත් කරන ලදී.

මේ වනවිට ඇය මියන්මාරයේ අගනුවර වන නේපිඩෝ හි සිටින බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form