සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් අද ලෙඩ වෙයි

Spread the love

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ට අයත් වෘත්තීය සමිති කිහිපයක් අද (27 වැනිදා) පෙරවරු 8.00 සිට සම සෞඛ්‍ය උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන යන වැඩපිළිවෙළට විරෝධය පල කරමින් වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට ඊයේ (26 වැනිදා) තීරණය කර තිබෙනවා.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹීමට තීරණය කර ඇත්තේ රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් උපාධි හදාරණ ලද සිසුන් සෞඛ්‍ය වෘත්තින් සඳහා බඳවා නොගැනීම, පවතින පුරප්පාඩු සඳහා විසඳුම් ලබානොදීම ඇතුළු කාරණා රැසක් මූලික කරගනිමින්.