හම්බන්තොට පිරිපහදුව අපේම වැඩක් නෙමෙයි.. දීර්ඝ කාලයක සාකච්චාවක්..- විජිත

හම්බන්තොට තෙල් පිරිපහදුව ඉදි කිරීමේ යෝජනාව පැමිණෙන්නේ හම්බන්තොට වරාය ඉදිකිරීමට කලින් බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කරයි.

තමන් 2004 වසරේ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් සිටියදී ද මෙම යෝජනාව චීන තානාපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ බවත් හෙතෙම කියා සිටී.

විවිධ ආණ්ඩු විසි අවුරුද්දක පමණ කාලයක් තිස්සේ තොරොම්බල් කර කර තිබූ යෝජනාවක් තම ආණ්ඩුවක් ප‍්‍රමුඛ කටයුත්තක් සේ සලකා ඉක්මනින් අවසන් එකඟතාවයකට පැමිණීමට සමත් වූ බවත් හෙතෙම කියා සිටී.

ඔහු මෙම අදහස් පළ කළේ දෙරණ නාලිකාවේ පැවති සාකච්ඡාවකදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form