හරීන්ගේ ගැසට්ටුව විසි වෙයි

වත්මන් ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා විසින්, හිටපු ක්‍රීඩා ඇමැති හරින් ප්‍රනාන්දු මහතා විසින් ක්‍රීඩා පනත සංශෝධනය කරමින් නිකුත් කළ ගැසට් පත්‍රය බල රහිත කර, ක්‍රීඩා පනත නැවත සංශෝධනය කර ඇත.

මෙම නව සංශෝධන මගින්, හරින් ප්‍රනාන්දු මහතාගේ ගැසට්ටුවෙන් ක්‍රීඩා සංගම්වල නිලධාරීන්ට වසර ගණනක් නිලතල දැරීමට ලබා දී තිබූ ඉඩකඩ ඉවත් කර, ප්‍රධාන නිලතලවල වසර අටක් කටයුතු කළ අයට යළි තරග කිරීමට නොහැකි වන පරිදි නීතියක් පනවා ඇත.

මෙම නීතිය හේතුවෙන් වත්මන් ක්‍රිකට් විධායක සභාවේ බහුතරයකට යළි තරග කිරීමට හැකියාව අහිමි වී ඇත.

එසේම, 2025 වසරේ නිලවරණය පවත්වා නොමැති සියලුම ක්‍රීඩා සංගම්වලට මෙම නව නීතිය අනුව නිලවරණ පැවැත්විය යුතු බව විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form