හිටපු ජනාධිපතිලාට ලොකු ආරක්ෂාවක් මොකටද.. ඒ බොරු පුරාජේරු.. අපි යන්නේ ආරක්‍ෂකයන් නැතිව…

“හිටපු ජනාධිපතිවරුන්ට විශාල ආරක්ෂාවක් ලබාදීමේ අවශ්‍යතාවක් කුමක්ද?” – නාමල් කරුණාරත්න

හිටපු ජනාධිපතිවරුන්ට ආරක්ෂක කාර්ය මණ්ඩලයක් ලෙස ආරක්ෂකයින් 160 දෙනෙකු ලබාදීමේ හේතුව පිළිබඳව කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න මහතා අදහස් පළකරමින් ප්‍රකාශ කර සිටියේ,

“මේ සියල්ල කරන්නේ බොරු පුරාජේරුවක් සඳහාය. වත්මන් ජනාධිපතිවරයා සියලු විලාසිතා අතහරිමින් කටයුතු කරන අතර, කිසිදු අතිරේක ආරක්ෂාවකින් තොරව රාජකාරි සම්පූර්ණ කරනවා,” යනුවෙන් ඔහු පෙන්වා දුන්නේය.

ජන හමුවක් අතරතුර අදහස් දැක්වූ නාමල් කරුණාරත්න මහතා, හිටපු ජනාධිපතිවරුන්ගේ මේ ආකාර ගතිපැවැත්මට විවේචනයක් කරමින්, වත්මන් ජනාධිපතිවරයාගේ සරල හා කාර්යක්ෂමව කටයුතු ආකාරය අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form