හෙට සිට නොරොච්චෝලේ වැඩ

හෙට (13) දිනය වන විට නොරොච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත් කිරීමට හැකියාව ඇතැයි විදුලිබල මණ්ඩලය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා සඳහන් කළේ, ඉන්පසු ජාතික පද්ධතියේ විදුලිය සැපයුම කළමනාකරණය කිරීමට අවශ්‍ය නොවන බවයි.

පස්වරු 3.30 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ සැලසුම් කළ විදුලිය සැපයුම කළමනාකරණය සිදු කෙරෙනු ඇති.

ඒ අනුව සෑම කලාපයකම පැය 01 යි විනාඩි 30 ක කාලයක් විදුලිය සැපයුම කප්පාදු  කෙරෙනු ඇති.

ඒ සඳහා විදුලි බල මණ්ඩලය කළ ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ලබා දුන් බව නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම සඳහන් කළේ ය.

ඒ අනුව A B C සහ D යන කලාපවලට පස්වරු 3.30 සිට 5.30 දක්වා කාලය තුළ පැය එක හමාරක විදුලි කප්පාදුවක් සිදු වෙනු ඇති.

E F G H U සහ V කලාපවලට විදුලිය විසන්ධි කෙරෙන්නේ පස්වරු 5.00 ත් 7.00 ත් අතර කාලය තුළයි.

I J K L P සහ Q යන කලාපවලට පස්වරු 6.30 ත් 8.30 ත් අතර කාලය තුළ පැය එක හමාරක් විදුලිය විසන්ධි කර තැබේ.

R S T සහ W කලාපවලට පස්වරු 8.00 සිට 10.00 දක්වා කාලය තුළ විදුලි කප්පාදුව සිදුවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form