200% ඉක්මවා ඉහල ගිය ලුණු මිල

අද දිනයේ සිට ලුණු මිල ඉහල දැමීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර ඇත.

ඒ අනුව ග්‍රෑම් 400 ලුණු කුඩු පැකට්ටුවක් රුපියල් 100 සිට රුපියල් 120 දක්වා ද ලුණු කැට කිලෝව පැකට්ටුවක මිල රුපියල් 120 සිට රුපියල් 180 දක්වා වැඩි කෙරේ.

හම්බන්තොට ලංකා ලුණු සමාගමේ සභාපති ඩි. නන්දන තිලක මහතා පැවසුවේ ලුණු මිල වැඩි කිරිම තාවකාලික තීරණයක් බවයි.

මාර්තු මාසයේදි හම්බන්තොට ලුණු ලේවායේ ලූණු අස්වැන්න ලැබුණු වහාම ලුණු මිල අඩු කරන බවද ඔහු පැවසුවේව.

ලුණු මිල මෙසේ වැඩි කිරීමට හේතූ වූයේ ඉන්දියාවෙන් ලුණු ගෙන්වීමේදී වැඩි පිරිවැයක් දැරීමට සිදුවීම බවත් ඔහු කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form