2024 ආර්ථික වර්ධනයේ ගෞරවය රනිල්ද අපටද කියා ප‍්‍රශ්ණයක් තිබෙනවා..- මාලිමා මන්ත‍්‍රීනී

2024 වසරේදී ශ්‍රී ලංකා ආර්ථිකයේ ඇති වූ ස්ථාවර බව සම්බන්ධයෙන් ගෞරවය යා යුත්තේ පැවති රජයට ද වර්තමාන රජයටදැයි සංවාදයක් ඇති වී තිබෙන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනී ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය පවසයි.

පාර්ලිමේන්තුව අමතමින් ඇය මෙම  අදහස්  පළ  කළාය.

‘2024 මැදවන විට ලංකා ආර්ථිකයේ යම් ස්ථාවර බවක් ඇති වී තිබෙන බව පෙනෙන්නට තිඛෙනවා.

අප ආණ්ඩුව බාරගත් විටත් ඒ ස්ථාවර බව ඉදිරියට ගෙන යන්නට හැකියාව ලැබුණා.

මේ වර්ධනයේ ගෞරවය යා යුත්තේ පැවති රජයට ද අපට ද කියා සංවාදයක් ඇති වී තිබෙනවා.

මේ දත්ත පිටුපස තිබෙන කතන්දරය අප කියවා ගත යුතුයි. එමෙන්ම ඒ සඳහා කැප කිරීම් කළ ජනතාව ගැනද කල්පනා කළ යුතුයි.

බදු ආදායම වැඩි වීමේ අනෙත් කතාන්දරය ජනතාවට අධ්‍යාපනයට සෞඛ්‍යයට ගෙවන්නට තිබූ මුදල් අහිමි වීමයි.

බදු ගෙවීම ඇතුලේ සාමාන්‍ය ජනතාව බරපතළ ඛේදවාචකයකට ලක් වුණා. වෙලත් දෙවේලක් නොකා රටට බදු ගෙවූ ජනතාවට මෙහි ගෞරවය හිමි විය යුතුයි.

ඇත්තෙන්ම මේ වසර මැද මූල්‍ය තත්වය ගැන දත්ත පිළිබඳව අපට සතුටු විය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form